WORLD : WhatsApp අලුත් වෙයි…

182

ලොව පුරා බොහෝ පිරිසක් අතර ජනප්‍රිය පණිවුඩ හුවමාරු ඇප් වැඩසටනක් වන ‘වට්ස්ඇප්’ වැඩසටහන අලුත්ම විශේෂාංග සමඟ යාවත්කාලීන සංස්කරණයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි. ඒ අනුව පරිශීලකයාට තම “වට්ස්ඇප්’ ගිණුමෙන් යැවෙන ඡායාරූප, වීඩියෝ හෝ GIF ගොනු ස්වයංක්‍රීයව මකා
දැමීමේ අවස්ථාව හිමිව තිබේ.

අදාළ දේ යැවෙන පුද්ගලයා එම තොරතුරු දැකගත් බවට සටහන් වීමෙන් පසුව මෙම මැකීම සිදුවෙයි. කෙසේ වෙතත් මෙම ඡායාරූප හෝ වීඩියෝ පට ලැබෙන්නාගේ දුරකථනය තුළ ස්වයංක්‍රීයව මෙම ඡායාරූප ගබඩාර කිරීමක් සඳහා වන විශේෂාංගය ක්‍රියාත්මක වන්නේ නම් එම ඡායාරූප එහි සේව් වීම සිදුවෙයි.

ස්වාධීන ‘වට්ස්ඇප් විශේෂඥයන් වන WABetainfo නම් ආයතනයක් මඟින් මෙම නව විශේෂාංගය හඳුන්වාදී ඇත. ඔවුන් එය ‘Expiring Media’ ලෙස නම් කර තිබේ.

මේ අතර WABetainfo ආයතනය පසුගිය මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් “වට්ස්ඇප්” වෙත පැමිණෙන පණිවුඩ සතියකට කාලයකට පසුව ස්වයං-මැකී යාමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව පවසා තිබුණි.

වට්ස්ඇප් සමාගම මේ වනවිට මෙම නවතම යාවත්කාලීන සංස්කරණයේ ‘බීටා’ සංස්කරණය ‘ගුගල් ප්ලේ බීටා’ වැඩසටහන වෙත එක් කර තිබේ. ඒ අනුව මෙම නව සංස්කරණය 2.20.201.1 ලෙස නම් කෙරී ඇත.