ශ්රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන අනුව ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්ර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බනධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා.
ඒ, පසුගිය 6 වැනිදා යි.
එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10 යි 30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.
අනතුරුවයි, ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්ර අත්අඩංගුවට ගෙන ඇත්තේ.