WORLD : කොරෝනා වැළදී සුවවන පහකින් එක් අයෙකුට මානසික රෝග – සමීක්ෂණයක් හෙළිකරයි…

62

Covid19 වැළඳී ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මාස තුනක් ඇතුළත කාංසාව, මානසික අවපීඩනය හෝ නින්ද නොයාම වැනි මානසික ආබාධයක් මතුවිය හැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ එන්අයිඑච්ආර් ඔක්ස්ෆර්ඩ් සෞඛ්‍ය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙම ප්‍රවණතාවය කොරෝනා වැළඳෙන්නට පෙර  මානසික සෞඛ්‍ය රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට  65% ක් වැඩි ඉඩක් ඇති බවද එහිදී කියැවෙයි.

“මෙම සොයා ගැනීම අප කලින් බලාපොරොත්තුවූවක් නොවෙයි. එහෙත් ඒ ගැන වැඩිදුර විමර්ශනයක් අවශ්‍යයි. මෙහිදී අපට තවත් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුය. එනම් කොරෝනා රෝගය වැළඳුණ අයට මනෝචිකිත්සක ආබාධයක් තිබී හඳුනාගෙන ඇති නම් කොරෝනා ප්‍රතිකාර ලබන්නට පෙර අවදානම් සාධක ලැයිස්තුවට ඇතුළත් කිරීම වැදගත්වන බවයි” පර්යේෂණයට සම්බන්ධවූ වෛද්‍ය මැක්ස් ටකෙට් පැවසීය.

මෙම ගණනය කිරීම් සිදු කර ඇත්තේ දළ වශයෙන් එක්සත් ජනපදයේ  කොවිඩ් -19 රෝගීන් 62,000 ක් පදනම් කරගෙනයි.
කොවිඩ් -19 රෝග විනිශ්චය කිරීමෙන් දින 14 ත් 90 ත් අතර කාලයකදී මානසික රෝගාබාධ පිළිබඳ ඕනෑම රෝග විනිශ්චයක් ඇති අය 18.1% ක් හමුවූ අතර ඉන් 5.8% ක්ම එවැනි අයගේ පළමු රෝග විනිශ්චය විය.
මෙහි පාලක පරීක්ෂණයට අදාළව පර්යේෂකයන් එකම කාල පරිච්ඡේදයක් තුළ දත්ත වෙනත් කොන්දේසි හයක් සමඟ සංසන්දනය කර ඇත. ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු වෙනත් ආසාදන මෙහිදී සැලකිල්ලට ගන්නා ලදි. ඒවා හා සසැඳීමේදී මනෝ රෝගාබාධවල ප්‍රවණතාව වැඩි බව ඔප්පු විය.

කොවිඩ් -19 රෝග විනිශ්චය කිරීමෙන් පසු මාස ​​තුන තුළදී, රෝගීන්ගෙන් 5.8% ක් ප්‍රථම වරට මනෝචිකිත්සක රෝග විනිශ්චය වාර්තා කර ඇති අතර, සංසන්දනාත්මක තත්වයන්හි සිටින රෝගීන්ගෙන් 2.5% සිට 3.4% දක්වා සසඳන විට – අවදානම දෙගුණයක් බව පෙනී ගොස් ඇත.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්ය පෝල් හැරිසන් පැවසුවේ මනෝචිකිත්සක ආබාධයක් හඳුනා ගැනීම කොරෝනා වෛරසය සමඟ කෙලින්ම සම්බන්ධ කළ හැකිද යන්න තහවුරු කිරීම සඳහා වැඩි පර්යේෂණ අවශ්‍ය බවයි. සමාජ ආර්ථික පසුබිම, දුම්පානය හෝ ඖෂධ භාවිතය වැනිදේ විශ්ලේෂණය කරන ලද වාර්තාවල ශාරීරික සෞඛ්‍යයට බලපාන පොදු සාධක ග්‍රහණය කර ගෙන නොමැත.

වසංගතයේ සාමාන්‍ය ආතති සහගත වාතාවරණය යම් කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාවක් ද ඇති බව ඔහු සඳහන් කළේය.

පර්යේෂණයන්ට අනුව දුප්පත් සමාජ-ආර්ථික පසුබිම්වල පුද්ගලයන් මානසික රෝගවලින් පීඩා විඳීමට වැඩි ඉඩක් ඇත. ජනාකීර්ණ නිවාස හා අනාරක්ෂිත සේවා තත්වයන් වැනි සාධක හේතුවෙන් දරිද්‍රතාවය කොරෝනා වයිරසයට නිරාවරණය වීම වැඩි කරයි.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල සමග කෝවිඩ් -19 හි ස්නායු හා ස්නායු මනෝචිකිත්සක සංකූලතා ගවේෂණය කිරීම සඳහා
හවුල්කාරිත්වයක් ඇති කර ගත් එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් මොළයට හා මධ්‍යම ස්නායු පද්ධතියට වෛරසයේ බලපෑම පිළිබඳ දැන් පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

“මෙම සොයාගැනීම්වල වැදගත්කම අවසන් වශයෙන් විනිශ්චය කිරීම තවම අසීරු ය… මෙය තරමක් වැඩි වාර ගණනක් කොවිඩ් -19 සහිත පුද්ගලයින් තුළ සිදුවීම පුදුමයට කරුණක් නොවිය හැකිය, ඔවුන්ගේ රෝග බරපතල යැයි පවතින බියද මානසික රෝග මතුකරනු ඇත. ”යනුවෙන් ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් සහ ලන්ඩන් ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ ගෞරව මහාචාර්යවරයෙකු වන ඩේවිඩ් කර්ටිස් පැවසීය.