ASP එරික් මාරු කිරීමෙන් පසු වෙන්නප්පුවේ ස්පා යළි විවෘත වෙයි

168

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා විසින් වෙන්නප්පුව සහ දංකොටුව ප්‍රදේශවල වැසූ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා මඩම් යළි විවෘත වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස දැනටමත් එක් මධ්‍යස්ථානයක් විවෘත කර ඇති බවත් තවත් මධ්‍යස්ථානය 8ක් විවෘත කිරීමට නියමිත බවටත් වාර්තා වී තිබෙනවා.

වෙන්නප්පුව සහ දංකොටුව ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ , ආගමික නායකයින්ගේ සහ ජනතාවගේ ඉල්ලීම පරිදි සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස මෙම සම්භාහන මධ්‍යස්ථාන වසා දැමීමට පසු ගිය කාලයේ කටයුතු කර තිබුණා.