අසීමිත අන්තර්ජාල පහසුකම් ලබන සතියේ සිට පාරිභෝගිකයන් අතට

82

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේ සිට හඳුන්වාදීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධීක්ෂණ කටයුතු ද සිදු කරන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ සඳහා සියලු සේවා සපයන ආයතන මේවන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවත්, එම සැලසුම් නැවත සලකා බැලීමකින් අනතුරුව ලබන සතියේ සිට ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට මෙම සතිය තුළ හැකිවනු ඇති බවත්, එසේවුවහොත් ලබන සතියේ සිට ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකිවනු ඇති.

කෙසේ වෙතත් මෙම පහසුකම් සැපයෙන පැකේජ මෙතෙක් එළිදක්වා නැහැ.