කොවිඩ්-19 වසංගත මර්ධනයට ආධාර පතා විස්සයි විස්ස ක්‍රිකට් තරඟයක්

27

කොවිඩ්-19 වසංගත මර්ධනයට ආධාර පතා ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත SriLanka Greats 07 සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පුහුණු වන සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් Team SriLanka කණ්ඩායම් අතරයි.

1996 වසරේ ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහ හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද මෙම තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතයි.

විස්සයි-20 තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ලබන මැයි 04 වැනිදා ප.ව. 7.00 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කර තිබෙනවා.