ප්‍රංශයටම බලපාන පරිදි තුන්වන වරටත් සංචරණ සීමා පැනවේ

34

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග සමස්ත ප්‍රංශයටම බල පැවැත්වෙන පරිදි 03 වන වරටත් සංචරණ සීමා පණවා තිබෙනවා.

සියලු පාසල් සහ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් මේ අනුව සති 04 කට වසා දමා ඇති අතර දිනපතා රාත්‍රී 07 සිට පසුදින උදාසන 06 දක්වා ඇඳිරි නීතියද ක්‍රියාත්මකයි.

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග මේ වනවිට ප්‍රංශයේ සෞඛය සේවය දැඩි අර්බුදයකට මුහුණපා සිටිනවා.

දැඩි සත්කාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස භාවිතය ඉහළ යාම එහි ප්‍රධාන ගැටලුවයි.

මේ අතර ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාධිතයන් 92 දහස් 998 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එය මෙම වසරේදී එරටින් එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවයි.