ගම්බිම් බලා යන ජනතාවට අදත් ප්‍රවාහන පහසුකම්

42

අද (13) දිනයේදීත් මගී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ප්‍රවාහන පහසුකම් සළසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

කෙසේවෙතත් අලුත් අවුරුද්ද යෙදී ඇති හෙට දිනයේදී කිසියම් ආකාරයක බස් හිගයක් ඇති විය හැකි බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.

එමෙන්ම අනවශ්‍ය කලබලයකින් තොරව ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නා ලෙසටද ඔහු ඉල්ලීමක් කරනවා.

මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදෙන හෙට (14) දිනයේදි කෙටි ගමන් සේවා බස් රථ ධාවනය නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේත්න මහතා කියා සිටියේ අද දිනයේදිද පෞද්ගලික බස් රථ අතරින් සියයට විසිපහක ප්‍රමාණයක් පමණක් ධාවනය වනු ඇති බවයි.