විෂකාරක පොල්තෙල් තොගය නැවත මැලේසියාවට ප්‍රතිඅපනයන කෙරේ

32

මෙරටට ගෙන්වා තිබූ ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අඩංගු බහාලුම් 06 ක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට පැමිණි බාබරා නම් නෞකාව මැලේසියාව බලා පිටත්වී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා කියාසිටියේ ඊයේ (12) පස්වරු 07.50 ට පමණ පොල්තෙල් තොගය රැගත් නෞකාව මැලේසියාව බලා පිටත්කර යැවූ බවයි.