නොමිලේ නිරෝධායන වැඩසටහනේ පළමු ශ්‍රමිකයන් පිරිස දිවයිනට

42

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණි පසු නොමිලේ නිරෝධායනය කිරිමේ වැඩසටහන යටතේ පැමිණි පළමු ශ්‍රමිකයන් කණ්ඩායම ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා.

ඒ කුවේටයේ සිට පැමිණි 149 දෙනෙකුයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

මේ සදහා ශ්‍රී ලංකාව පුරා පිහිටි සංචාරක හෝටල් කාමර 600 ක් වෙන් කර ඇති අතර ඊයේ පැමිණි කණ්ඩායම යොමු කර ඇත්තේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් වෙතයි.

මෙම කටයුතු අධීක්ෂණය කිරීම සදහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙම ශ්‍රී ලාංකිකයන් අතර කුවේටයේ රැකියා සදහා ගොස් එරටදී විවිධ හිංසන වලට ලක්වු 20 දෙනෙකුද වන බවයි වාර්තා කළේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වුවන් හට නොමිලේ නිරෝධායනය විමේ වැඩපිළිවෙලට ඇතුලත් විය හැකි අතර ඔවුන් ඒ සදහා එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි.

විදේශ රටවල් 138 ක සේවය කළ ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමිකයන් ලක්ෂයකට අධික පිරිසක් කොරෝනා අවධානම හමුවේ මේ වනවිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇති බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කලේ.