නාකොටික් නිළධාරීන්ගේ චෝදනා සහ සාක්ෂි වෙන් වෙන්ව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි CIDයට නියෝග

26

දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිළධාරීන්ට එල්ල වී ඇති චෝදනා සහ ඒවා සනාථ කිරීමට ඇති සාක්ෂි වෙන් වෙන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අදාල නිළධාරීන් පිරිස ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත් අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතායි මෙම නියෝගය නිකුත් කලේ.

මෙම ඇප අයදුම්පත් ලබන ජූනි මස 07 වෙනිදා නැවත කැදවන බවයි විනිසුරුවරයා වැඩිදුරටත් දන්වා සිටියේ.