තව මාස 12කින් ඕස්ට්‍රෙලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් ?

45

ඉදිරි මාස 12 තුළදී ඕස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට එරට රහස් බුද්ධි ප්‍රධානියා අනතුරු අගවා තිබෙනවා.

කැන්බරා අගනුවර පැවති කරුණු විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ සුන්නි ඉස්ලාමීය අන්ත සංවිධානයක් මෙම සැළසුම පිටුපස සිටින බවට මූලික තොරතුරු හෙළිවී ඇති බවයි.

අන්තවාදය මැඩලීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබූ බුද්ධි තොරතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේදීයි මෙම කරුනු අනාවරණය වූයේ.

සුදු ජාතිකත්වය පදනම් කරගනිමින් ඕස්ට්‍රේලියාව සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා රටවල් වන අමෙරිකාව – බ්‍රිතාන්‍යය – කැනඩාව සහ නවසීලන්තයද මේ පිළිබඳ දැනුවත් කර ඇතැයි බුද්ධි ප්‍රධානියා සඳහන් කලා.

වයස අවුරුදු 13 ත් 14 ත් අතර පසුවන ඕස්ට්‍රේලියාවේ බොහෝ පිරිසක් කුඩා අවධියේ සිටම අන්තවාදී අදහස්වලට නැඹුරුවී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.