ලංකාවේ ප්‍රථම ලෝක විවාහක රූ රැජින කැරොලින් ජුරිගේ ක්‍රියා කලාපය ගැන ඇමෙරිකාවට දැනුම් දෙයි – (VIDEO)

1087

විවාහක රූ රැජින තරගයේ දී කිරුළ නැවත උදුරා ගැනීමේ නිරතවු කැරොලින් ජුලීගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ඇමැරිකාවේ පිහිටි ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දුන් බව ලංකාවේ ප‍්‍රථම ලෝක විවාහක රූ රැජින සහ කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා.

ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින කිරුළ පළන්ඳවා එය බලහත් කාරයෙන් ගැලවීම කැරොලින් ජුරිට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැති බවත් ඇය සිදුකර ඇත්තේ රටට විශාල රටට අපකීර්තියක් මෙන්ම, රූ රැජිනක් වශයෙන් කිසිවකු නොකරන පිළිකුල් සහගත කි‍්‍රයාවක් බවද සේනානායක මහත්මිය කියා සිටියා.

මෙම තරඟය ජාත්‍යන්තර තරගාවලියක් බැවින් ලොව පුරා එම ප‍්‍රචාරය වන බවත්, අපේ රට මෙන්ම ලෝක විවාහක රූ රැජින තරඟවලියේ ඇමැරිකාවේ සංවිධායක මණ්ඩලය ද අපහසුතාවයට පත් වන බැවින් තමන් මෙලෙස ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බවද සේනානායක මහත්මිය පැවසුවා.

පුෂ්පිකා ද සිල්වා සම්බන්ධයෙන් ගැටළුවක් තිබේනම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇයට ඕනා තරම් කාලයක් තිබු බවත් එසේ සිදුනොකර ඇය සිදුකළ මෙම අශෝභන කි‍්‍රයාව කාන්තාවක් වශයෙන් කිසිසේත් අනුමත නොකරන නින්දිත කි‍්‍රයාවක් බවද ඒ මහත්මිය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත සිය කණගාටුව පල කරන බවයි රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

සිද්ධියට අදාල වීඩියෝව

සිද්ධියෙන් පසු තරඟයේ සංවිධායක ලෙස කටයුතු කළ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තරඟයේ ජයග්‍රාහීකා වූ පුෂ්පිකා ද සිල්වා සමඟ ඇති වූ දුරකථන සංවාදය පහතින්