SPORT : බංගලියෝ තරගාවළිය හකුළුවා ගනිති….

65
Bangladesh Cricket

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවළිය අත් හිටුවීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

අවස්ථා කිහිපයකදී එය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවති අතර ශ්‍රී ලංකාව තුළ දී දින 14 නිරෝධායනය වීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීමටද පියවර ගෙන තිබුණි.

මේ තත්වය මත තරගාවළිය පැවැත්වීම අවිනිශ්චිත ස්වභාවයක් පැවති අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි එරට ක්‍රීඩකයකුට කොවිඩ් ආසාධනය වී ඇති බවද වාර්තා විය.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට පාලක මණ්ඩලයේ ප්‍රධානී නස්මුල් හුසේන් පැවසුවේ ඉදිරි දිනක යළි තරගාවළිය පැවැත්වීමට කටයුතු කරන බවය.