බොලිවුඩයෙත් කොරෝනා පොකුරක් නිර්මාණය වෙන ලකුණු – ඉන්දියාවේ දෛනික ආසාධිත ගණනත් ඉහළට

45

බොලිවුඩ් පුරයේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් උත්සන්න වී ඇති අතර, කොරෝනා ආසාදනය වූ සුප්‍රකට නළු අක්ෂේ කුමාර් රෝහල් ගත කර තිබෙනවා.

ඔහු සමඟ රාම් – සේතු රූගත කිරීමේ කණ්ඩායමේ 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

මීට අමතරව බොලිවුඩ් නළු විකී කෞශ්‍යාල් සහ නැගී එන නිළියක වන භූමි පෙඩ්නෙකාර්ට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ප්‍රථම වරට ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඒ, අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ තවත් නව ආසාදිතයන් එක්ලක්ෂ 3,558 ක් වාර්තාවීමත් සමඟයි.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (04) ඉහළ පෙළේ සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.