සචින් තෙන්ඩුකාර් රෝහල් ගත කෙරේ

129

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබෙනවා.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් සචින් නිවසේ නිරෝධානය වෙමින් සිටි අතර අද (02) දිනයේදී සිය ට්විටර් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් රෝහල් ගත කළ බවයි.

මේ අතර 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසාලනය ඉන්දියාව ජයගෙන අදට වසර 10ද සම්පූර්ණ වනවා.

එම තරගාවලියේදී ශ්‍රී ලංකාව පරදවමින් ඉන්දියාව ලෝක කුසලානය ජයගනු ලැබුවා.