ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි අය කරගැනීම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව අද (08) දිනයේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත භාරදීමට නියමිතයි.
මීට පෙර නෞකාවෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් වන වාර්තාවක් නීතිපතිවරයා වෙත ලබාදුන් අතර ඒ පිළිබඳ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව සමග ඊයේ (07) සාකච්ඡාවක් පවත්වා තිබුණා.
එහිදී නීතිපතිවරයා විසින් වාර්තාවේ සිදුකළ සංශෝධන ද සමග එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් වන්දි අය කරගැනීමේ අවසන් වාර්තාව අද දිනයේ භාරදීමට නියමිතව තිඛෙනවා.