මෝදිට ප්‍රාන්ත මැතිවරණයෙන් දරුණු පරාජයක්

52

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට පරාජය අත්වී තිබෙනවා.

වත්මන් මහ ඇමති මමතා බැනර්ජි විසින් එය පහසුවෙන් ජයග්‍රහණය කර ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

ප්‍රාන්ත මැතිවරණයෙන් ඇසෑම් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකින්ම මෝදි මහතාගේ පක්ෂයට පරාජය අත්වී තිබෙනවා.

එය කොවිඩ් වසංගත තත්වය පාලනයේදී භාරතීය ජනතා පක්ෂ රජය කටයුතු කරන ආකාරය පිළිබඳ අනතුරු ඇගවීමක් බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඩී එම් කේ පක්ෂය ජයගත් අතර භාරතීය ජනතා පක්ෂ සහය හිමිවන පක්ෂ සන්ධානයට කිසිදු ආසනයක් හිමිවී නැහැ.