ඇමති මහින්දානන්ද ස්වයං නිරෝධායනයට ලක් කෙරේ

97

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද ද මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙනවා.

ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු කොරෝනා ආසාදිත යැයි දැන ගැනීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලින් රියැදුරාට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලිවීම නිසා සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා සිය නිල සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයටද නිරෝධයට ලක්වන බවද ඔහු සිට සටහනේ වැඩිදුරටත් කියා සිටින්නේ.

එමෙන්ම ආසන්න දිනවලදී තමන් මුණගැසුනු අයෙක් වේ නම් ස්වයං නිරෝධායනයට ලක්වන දෙස ද ඇමතිවරයා ඉල්ලා සිටිනවා.