අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ පාඨලී චම්පික රණවක මහතා එක්ව නව දේශපාලන පෙරමුණක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය පිළිබදව විවිධ පාර්ශ්ව අතර සාකච්ඡා වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.
යහපාලන රජය පිහිටුවීමට පෙරමුණ ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මේ පිටුපස සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් එක්ව එක ගමනක් යා යුතු බව, දේශපාලනය පිළිබදව උනන්දුවක් දක්වන අගනුවර කේන්ද්‍ර කරගත් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ ද අදහස වී තිබෙනවා.
මෙතෙක් ඔවුන් දෙදෙනා එකට මුණ ගැසී නැති අතර, නුදුරේ දී ම ඔවුන් අතර හමුවක් සිදු කිරීමට අදාල පාර්ශ්ව කටයුතු කරමින් සිටිනවා.