LOCAL : ලංකාවේ වැඩිම ලොතරැයි මුදල කෝටි 23 දිනා ගනී… ජයග්‍රාහකයා මහනුවර

178
Man's hands holding dollar banknotes, closeup shot

ලොතරැයි ඉතිහාසය අලුත් කරමින් රුපියල් කෝටි 23ක සුවිශාල මුදලකට හිමිකම් කියන කෝටිපතියකු බිහි කිරීමට ජාතික ලොතරැයිමණ්ඩලය සමත් වී තිබේ.

රුපියල් 20 ක වටිනාකමකින් යුතු ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියකට මෙම ජයග්‍රහනය හිමිව තිබේ.

රුපියල් කෝටි 23 ක මෙම සුවිශාල ජයග්‍රහනය, ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මිලදී ගත් මහනුවර ප්‍රදේශයේ වාසනාවන්තයෙකුට හිමිව තිබෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි