LOCAL : රුධිර පරීක්ෂණයක් අතරතුර මාතර සහකාර දිස්ත්‍රික්ලේකම් වරිය හදිසියේ මිය යයි…

1559

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයසිංහ (35) අද උදෑසන වෛද්‍ය පරීක්ෂණයක් අතරතුර සිදුවූ සංකූලතාවක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබේ.

මාතර දිසා රොහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් දුන් අදිකරණ වෛද්‍ය නිලධාරී වරයා සිරුරු කොටස් රස පරීක්ෂක වෙත යොමු කරණ ලෙසද දන්වා තිබේ.

මිය යන විට පස් මස් ගැබිණියක් ව සිටි ඇය ගාල්ල මහමෝදර රෝහලේ වෛද්‍යවරයකුගෙන් ප්‍රථිකාර ලබමින් සිට ඇත.

එම වෛද්‍යවරයා ලබාදුන් පරීක්ෂණ තුනක් කරගැනීම සදහා ඇය සිය මව හා පියා සමග අද (23) පෙරවරුවේ පෞද්ගලික රෝහලකට පැමිණ ඇත.

පළමු පරීක්ෂණයෙන් අනතුරුව ග්ලූකෝස් පැකට්ටුවක් දියකර පානය කිරීමෙන් පසු දෙවන පරීක්ෂණය සදහා පැමිණෙන ලෙස එහි​දී පැවසූ නිසා ඇය රෝහල් භූමියේදීම එය සිදුකර සිය රථයට වී සිට ඇත.

කෙසේ වෙතත් ටික වේලාවකින් දෙවන පරීක්ෂණය සදහා රෝහල් භූමියට ඇතුළු වෙනවාත් සමග ඇය සිහිසුන්ව ඇදවැටී ඇත.

අදාළ පුද්ගලික රෝහලේ එම අවස්ථාවේ වෛද්‍යවරයකු නොසිටි බැවින් පසුව ඇය මාතර මහරෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුල් කර තිබිණ.

එම රෝහලේ පැයක් පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුව මියගියාය.

මරණයට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ නොවේ.