කොදෙව් සංචාරය තවත් අර්බුධයකට යන ලකුණු – සංචාරයට යන්න සුදානමින් සිටි ක්‍රීඩකයෙක්ට කොරෝනා ආසාධිත වෙයි

34

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක ලහිරු කුමාර කොරෝනා ආසාදිතයකු වී තිබෙනවා.

ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ සංචාරය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.

හෙට (23) අලුයම මෙම කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඊට පෙර සිදු කරන පරීක්ෂාවේ දී ආසාදිතයකු ලෙස මොහු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.