එක් මන්ත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොරෝනා එන්නතක් අමෙරිකාවෙන් හඳුන්වා දෙයි

59

කොවිඩ් මර්දනයට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිපදවන ලද එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් ප්‍රතිශක්තීකරණය නිසි ලෙස සිදුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

මේ අනුව අමෙරිකාව තුළ භාවිතයට ගැනෙන 03 වන එන්නත ලෙස ඊටද නුදුරේදීම අනුමැතිය හිමිවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දැනටමත් එරට තුළ භාවිතයට ගන්නා ෆයිසර් සහ මෝදනා එන්නත්වලට සාපේක්ෂව මිළයෙන් අඩුවීම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ විශේෂත්වයක්.

එමෙන්ම සාමාන්‍ය ශීතකරණයක පවා එය ගබඩා කර තැබිය හැකියි.