ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් බුබුළ කඩිනමින් ඇරඹේ

68

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළ කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (24) සංචාරක අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවක් බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ.

කොවිඩ් නිසා නතර වු පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය හා එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව තිබෙනවා.