මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි ඝාතනය සඳහා සවුදි කුමාරයාගේ අනුමැතිය දී ඇති බව අමෙරිකානු වාර්තාවකින් කියයි

65

සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි ඝාතනය කිරීම සඳහා ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන් විසින් අනුමැතිය දී තිබූ බවට අමෙරිකාව විසින් හෙළිකරගෙන තිබෙනවා.

මාධ්‍යවේදියා සවුදි ග්‍රහණයට ගැනීමට හෝ ඝාතනයට කුමරුන් විසින් අවසර දී තිබූ බවයි අමෙරිකාව නිකුත් කල බුද්ධි වාර්තාවක දැක්වෙන්නේ.

2018 වසරේදී තුර්කියේ ඉස්තාන්බුල් නුවර සවුදි කොන්සල් කාර්යාලය තුළදී මෙම ඝාතනය සිදුවී තිබුණා.

අනතුරුව සවුදි අරාබියේ ඉහළ නිළධාරීන් රැසකට එරෙහිව සම්බාධක පැණවීමට අමෙරිකාව කටයුතු කලද මොහොමඩ් බින් සල්මාන් කුමරුන් ඊට අයත්වූයේ නැහැ.

මේ අතර අමෙරිකානු බුද්ධි වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සවුදි අරාබිය පවසනවා.

එය අසත්‍ය – පිළිගත නොහැකි සහ තහවුරු නොකල කරුණු රැසකින් සමන්විත බවටයි සවුදි අරාබිය චෝදනා කරන්නේ.

කලක් සවුදි රජයේ උපදේශකවරයෙකුද ලෙස කටයුතු කල මාධ්‍යවේදී ජමාල් කශොග්ජි අනතුරුව සවුදි පරිපාලනය දැඩිව විවේච්චනය කරමින් පුවත්පත්වල තීරු ලිපි රචනා කරනු ලැබුවා.