ඉන්දියාවේ කොරෝනා වෛරස් ප්‍රභේද සිඝ්‍රයෙන් පැතිරී යාමේ අවධානමක්

40

ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද අතුරින් බහුතරයක් ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් සමන්විත බව අනාවරණ වී තිබෙනවා.

කොවිඩ්19 මූලික වෛරසයට එරෙහිව සිරුරු තුළ ප්‍රතිදේහ නිපදවී ඇති පුද්ගලයන්ට පවා නැවතත් වෛරසය ආසාධනය වීමද එමගින් සිදුවිය හැකි බවයි තහවුරු කරගෙන ඇත්තේ.

නව කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේද 240 ක් පමණ ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට විද්‍යාඥයන් වාර්තා කලා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ යාමට හේතුවද එය ලෙසටයි සැළකෙන්නේ.

කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ද දෛනිකව වාර්තා වන වෛරස ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වේගයෙන් වැඩි වීමට හේතුවද මෙම නව ප්‍රභේද බවටයි සැක මතුවන්නේ.