දුම්රිය වෘත්තීය සමිති අද ප්‍රවාහන ඇමති හමුවෙයි

27

ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනයේදී සිදුවන බව කියන අක්‍රමිකතාවලට විරෝධය දක්වමිනුයි දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුලු වෘත්තීය සමිති 19 ක් මෙම වර්ජනය සැළසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරු 11.30 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එහිදී අදාළ ව්‍යාපෘති සමාලෝචනය කිරිමට විශේෂ කමිටුවක් පත්කිරීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කලා.

දැනට ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත දුම්රිය ව්‍යාපෘති අත්හිටුවීම කෙරෙහි එහිදී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.