TIKTOK ඔස්සේ LTTE ගැන කරුණු ප්‍රචාරය කළ තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

25

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රභාකරන් ඇතුලු එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් විවිධ කරුණු ප්‍රචාරය කළ 25 හැවිරිදි තරුණයෙක් වත්තල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු විසින් ටික් ටෝක් ජංගම දුරකථන ඇප්ලිකේශනය හරහා මෙම කරුණු ප්‍රචාරය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සයිබර් අවකාශය යොදා ගනිමින් මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම සදහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.