පාකිස්ථාන අගමැතිට ඉන්දීය ගුවන් සිමාව භාවිත කිරීමට ඉන්දීය රජයේ අවසර

168

ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණෙන පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දීය බළධාරීන් විසින් අනුමැතිය දී තිබෙනවා.

2019 වසරේදී සවුදි අරාබිය සහ අමෙරිකාව බලා ගමන් ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රැගත් ගුවන් යානයට සිය ගුවන් සීමාව භාවිත කිරීමට පකිස්ථානය විසින් අනුමැතිය දී තිබුණේ නැහැ.

ඒ කාශ්මීරය තුළ මානව හිමිකම් කඩකරන බවට චෝදනා කරමින්.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ දූත පිරිස රැගත් ගුවන් යානය අද පස්වරු 04.15 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවීමට නියමිතයි.