මම ආයෙත් කිසිඳු මැතිවරණයකට එන්නේ නැහැ – කරු ජයසුරිය

56

තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ ජානකී හෝටලයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එම සාකච්ඡාවට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

රජය විසින් ගනු ලබන ඇතැම් වැරැදි තීන්දු සම්බන්ධයෙන් පොදු වේදිකාවකදී ජනතාව දැනුවත් කිරීමට මෙහි දී යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානවලට ආරාධනා කරන බවත් තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් හිටපු කථානායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.