ව්‍යාපාරිකයින් සතුටු කරන්න මට උවමනාවක් නැහැ

71

රජයේ පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන සියලුම ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

ඊයේ (21) මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කොරෝනා වසංගතය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක ව්‍යාපාරිකයන් සතුටු කිරීමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 27 ක් සහන මිලට අලෙවි කිරීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ සමූපකාර ජාලය හරහාද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගිවිසුමකට එළඹෙන බවද මෙහිදී ඔහු කියාසිටියා.