නැගෙනහිර පර්යන්ත වෙනුවෙන් කළ සටන බටහිර පර්යන්ත වෙනුවෙත් කරන ලකුණු

72

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කළ ආකාරයෙන්ම බටහිර පර්යන්තය විකිණීමට දරන උත්සාහයද පරාජය කිරීමට සමස්ත වරාය සේවකයන් සූදානම් බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් වරාය සේවක වෘත්තීය සමිතිවල ස්ථාවරය ලිඛිතව ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙන බවයි එම සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පවසන්නේ.

රට වටේටම මුහුද තිබුණද වරාය ඉදිකළ හැක්කේ ඉතා සීමිත ස්ථාන කිහිපයක පමණක් බවත් ඒ අතරින්ද කොළඹ වරාය අතිශය වැදගත් බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට පර්යන්ත කිහිපයක් වරාය අධිකාරියට අහිමි වී ඇති බැවින් ඉතිරි වී තිබෙන සම්පත් ප්‍රමාණය හෝ බේරා ගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන බවයි එම සංගමය කියා සිටින්නේ.

බටහිර පර්යන්තය ඉදිකිරීමට නියමිත ස්ථානය මීටර් 20 ක් ගැඹුරින් යුක්ත බව පෙන්වා දෙන ගොරකාන මහතා පවසන්නේ ඒ අනුව අනාගතයේදී එය විශාලතම නෞකාවලට සේවා සැපයිය හැකි, වරාය අධිකාරිය සතු වටිනාම සම්පත වනු ඇති බවයි.

එවැනි සම්පතක් විදෙස් රටකට හිමිවීමට වරාය සේවකයන් කිසිසේත් ඉඩ නොතබන බවද නිරෝෂන් ගොරකාන මහතා වැඩිදුරටත් පවසනවා.