ඕස්ට්‍රේලියාවේ Facebook තහනමක්

41

ඕස්ට්‍රේලියාව තුළදී ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්‍රවෘත්ති සහ තොරතුරු බැලීම මෙන්ම බෙදා හැරීම හෙවත් ශෙයාර් කිරීම ෆේස්බුක් සමාජ ජාලය විසින් අවහිර කර තිබෙනවා.

ඒ අනුව සියලු දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා සහ වෙබ් අඩවිවල ෆේස්බුක් පිටු ඕස්ට්‍රේලියාව තුළ අවහිර කර ඇති බව සඳහන්.

ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්‍රචාරය කරන ප්‍රවෘත්ති සඳහා අදාළ ආයතන වෙත මුදල් ගෙවිය යුතු බවට ඕස්ට්‍රේලියානු රජය විසින් පැණවීමට යන නව නීතියකට විරෝධය පළකරමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

ගූගල් ආයතනය විසින්ද මෙම නීතියට දැඩි විරෝධයක් පළකර තිබූ අතර ෆේස්බුක් ආයතනය ගත් ක්‍රියාමාර්ගය හා සමාන පියවරක් ගන්නා බවටයි අනතුරු අගවා තිබුණේ.

මේ අතර ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනවල ෆේස්බුක් පිටු වෙත වෙනත් රටවල සිට පිවිසීමද අවහිර කර තිබෙනවා.

කෙසේ වෙතත් පවතින කොවිඩ් තත්වය හමුවේ නිවැරදි තොරතුරු ලබාගැනීමට මෙමගින් තමන්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු පරිශීලකයන් පෙන්වා දී ඇත්තේ.