බත්තරමුල්ලේ සීලරතන හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරඟ වැදීමට තීරණය කරයි

102

දේශපාලන ක්‍රියාකාරීකයෙකු වන ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය සඳහා නාම යෝජනා ලබා දී ඇති විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරනව.

උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා අද (24) දිනයේ මෙලෙස භාර දී ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මේ අතර මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (24) පස්වරු 03.30 න් අවසන් වනවා.

සභාපති, උප සභාපතිවරු දෙදෙනෙක්, ලේකම්වරයෙක් ඇතුළු නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීමටයි නාම යෝජනා භාර ගැනෙන්නේ.

මැයි 20 වැනිදා පෙරවරු 10.30 ට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී නිලවරණය පැවැත්වීමට නියමිතයි.