තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හමුවෙයි

84

මහා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් කොරෝනා වෛරසයේ තවත් නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන එහෙත් ජානමය වශයෙන් වෙනස් ප්‍රභේදයක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

මෙම නව ප්‍රභේදය ආසාධිතයන් 38 දෙනෙකු මේ වනවිට හමුවී තිබෙනවා.

ඉන් 36 දෙනෙකු එංගලන්තයෙන් වන අතර අනෙක් දෙදෙනා වේල්සයෙනුයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ සාම්පල ලබාගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී බවද සඳහන්.

මෙම නව ප්‍රභේදය ආසාධිතයන් ඩෙන්මාර්කය – නයිජීරියාව හා අමෙරිකාවෙන්ද සොයාගෙන තිබෙනවා.

මෙහි බලපෑම කවරේදැයි සොයා අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවද බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සඳහන් කලා.