සුප්‍රසිද්ධ අයෙකුගේ ෆේස්බුක් ගිණුමක් ශ්‍රී ලංකාවේ අයට අද සිට නැරඹීය නොහැකි ලෙස අවහිර කරයි

256

ෆෝක්ස් මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාලිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ‘’ඇන්ජෙලා හටී (Angela Hutti)’’ ගේ ෆේස්බුක් ගිණුම ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් හට නැරඹිය නොහැකි ලෙස අවහිර කර තිබෙනවා.

මෙහිදී ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම නිසා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කර තිබූ අතර පසුව බොහෝ දෙනෙක් එම මාධ්‍යවේදීනියට සහ ඇයගේ ගිණුමට ගොස් ඇයට අපහාසාත්මක ලෙස කමෙන්ට් දැමීමට කටයුතු කර තිබුණා.

දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවීම නිසා මේ වන විට ඇයගේ ෆේස්බුක් සමාජජාල ගිණුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ මෙරට නම ජාත්‍යන්තරය තුළ අපහාසයට පත්වන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පිරිසක් විසින් ඔවුන්ගේ ගිනුම් තුළ ලිපි පළ කරමින් පවසා තිබුණා.

ඇන්ජෙලා හටී යනු ෆෝක්ස් නාලිකාව තුළ වඩාත් ජනප්‍රියම මාධ්‍යවේදීනයක් වන අතර ඇයගේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් ප්‍රවෘත්ති වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.