කෝඩුකාර ප්‍රවීන් ජයවික්‍රමගේ සුපිරි පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට දෙවන ටෙස්ට් තරඟයෙන් විශිෂ්ඨ ජයක්

33

බංග්ලාදේශයට එරෙහි 02 වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ළකුණු 209 ක ජයක් හිමිකරගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ජය 01 ට බින්දුවක් ලෙස ලබාගැනීමටද සමත්වුණා.

පල්ලේකැලේ පැවති තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉණිමට කඩුලු 07 ක් දැවී ළකුණු 493 ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවනු ලැබුවා.

ළහිරු තිරිමාන්න 140 ක්ද දිමුත් කරුණාරත්න 118 ක්ද රැස්කලා. ටස්කින් අහමඩ් කඩුලු 04 යි. බංග්ලාදේශ පළමු ඉණිම 251 යි.

තමීම් ඉක්බාල් 92 යි. ප්‍රවීන් ජයවික්‍රම ළකුණු 92 කට කඩුලු 06 ක් බිඳහෙලුවා. ශ්‍රී ලංකා දෙවන ඉණිම කඩුලු 09 කට ළකුණු 194 යි.

දිමුත් කරුණාරත්න 66 යි. ටයිජුලු ඉස්ලාම් ළකුණු 72 කට කඩුලු 05 ක් දවාගත්තා.

තරගය ජයගැනීමට ළකුණු 437 ක ඉලක්කයත් හඹාගිය බංග්ලාදේශයට 02 වන ඉණිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 227 ක් පමණයි.

ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 05 ක් ද රමේෂ් මෙන්ඩිස් කඩුලු 04 ක්ද බිඳහෙලුවා.

ප්‍රවීන් ජයවික්‍රම තරගයේ වීරයා ලෙසද දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා ලෙසද නම් කෙරුණා.

සිය පළමු ටෙස්ට් තරගයේදී හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සමත්වුණා.

ඒ බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී ළකුණු 151 කට කඩුලූ 09 ක් බිඳ හෙළීමත් සමගයි.

මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ අකිල ධනංජය විසින් වන අතර ඔහු ළකුණු 44 කට කඩුලූ 08 ක් දවාගෙන තිබුණා.