කිංග්ස්ලි රත්නායක සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත් වෙයි – ආණ්ඩුවේ ලොකු තනතුරක් හිමිකම් කියන ලකුණු

80

ප්‍රවීණ නිවේදක කිංග්ස්ලි රත්නායක මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්වීම සදහා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව වාර්තා වනවා.

එම මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වය ද මෙම පුවත සත්‍ය බවට තහවුරු කරනු ලැබුවා.

ඒ මහතා නුදුරේදීම ජනාධිපතිවරයාගේ නිල මාධ්‍ය ප්‍රකාශකයා වශයෙන් පත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා වන අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති මාධ්‍ය ප්‍රධානියා වශයෙන් වැඩභාරගනු ලැබූ අතර ඔහු විසින් ජනාධිපති මාධ්‍ය අංශය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.