IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමේ

115

කොවිඩ් අවධානම හමුවේ 2021 අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ වනවිට කණ්ඩායම් 02 කම කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති අතර ඒ අනුව තරග 02 ක් ද කල් දමනු ලැබුවා.

මේ අතර පන්දු යැවීමේ පුහුණුකරු එල් බාලාජි ඇතුලු දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගැනීමත් සමග අයි පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සමස්ත කණ්ඩායම නිරෝධායනයට ලක් කර තිබෙනවා.

හෙට පැවැත්වීමට නියමිතව තිබූ රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය කල් දමා දැමීමටයි මීට පෙර තරඟ සංවිධායකයින් කටයුතු කළේ.

කෙසේ වෙතත් ඊයේ (03) පැවැත්වීමට නියමිතවූ කොල්කටා නයිට් රයිඩර්ස් සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම් අතර තරගයද කල් දමනු ලැබුවේ කණ්ඩායමේ දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට පත්වීම හේතුවෙනුයි.