ගතවූ පැය 24 තුළදී රිය අනතුරුවලින් මරණ 13ක් වාර්තා වෙයි

33

අවුරුදු සමය හේතුවෙන් පොලිසිය විසින් ක්‍රියාත්මක රථවාහන හා නිරෝධායන රීති සම්බන්ධ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා.

මේ අතර ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 13 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් මරණ 06 කට අදාළ රිය අනතුරු ඊයේ (11) දිනයේදී සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

විශේෂයෙන් පොදු ප්‍රවාහනයේදී රියදුරන් සහ මගීන් වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.