පුෂ්පිකාගේ කිරුළ ගලවන්න මට අයිතියක් තියෙනවා – චන්දිමාල් අවස්ථා කිහිපයකදී තරඟයේ වෙනස්කම් කළා – කැරොලයින් ජූරි – (VIDEO)

2354

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ ආශා බස්නායකට එය පැළඳ වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ (06) දිනයේ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමනට එසේ කිරීමට අයිතියක් ඇති බවයි.

තමන් පුෂ්පිකා ද සිල්වා ගේ හිසෙන් කිරුළ ගලවා දෙවැන්නාට පැලදවූයේ තරඟ නීතිරීති අනුව බව ද ඇය ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වනවා.

පුෂ්පිකා ද සිල්වා තරගයට සහභාගි වීමට හැකියාව ඇතත් ඇය දික්කසාද වූ අයෙක් නිසා විවාහක රූ රැජිණ කිරුළ දැරීමට අවස්ථාවක් නැති බව ජූරි සිය ප්‍රකාශයේ ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.

තරඟයේ සංවිධායකයා වන චන්දිමාල් ජයසිංහ අවස්ථා ගණනාවක දී තරඟය වෙනස්කම් කළ බවත් එයට ද තමා විරෝධය දක්වා වූ බවත් ඇය සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ (06) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී යළි වතාවක් විවාහක රූ රැජිණ කිරුළ පුෂ්පිකා සිල්වා මහත්මිය පළඳවීමට සංවිධායකයන් කටයුතු කරනු ලැබුවා.