GOSSIP : බැසිල් පාර්ලිමේන්තුවට එයි…කැටගොඩ ඉවත්වෙයි…?

964

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වත්මන් ආණ්ඩුවේ නොපෙනෙන චරිතය බව අමුතුවෙන් කිවයුතු නොවේ.

බැසිල්පැ, පැවති මහමැතිවරණයට තරග නොකළ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇතැයිද මතයක් පැවතින.

කෙසේ වෙතත් එය ඒ ආකාරයෙන් නොවූවද 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව බැසිල් රාජපක්ෂ යළිත් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව lankapress.lk වෙත අනාවරණ වේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉදිරියේදී ඉල්ලා අස්වීමට නියමිත අතර එම පුරප්පාඩුව පිරවීම සදහා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව අනාවරණ වේ.

ඉකුත් රාජපක්ෂ රජය පරාජය වීමත් සමග ඊට මුල්වූ මිනිසා බවට පත් වූ බැසිල් එම පරාජයත් සමග කෙටි කලක් විදෙස් ගත වූ අතර පරාජයෙහි වගකීම තමන් භාරගන්න බව ද පවසමින් යළි ලංකාවට පැමිණියේය.

දූෂණ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු කිහිපයක් ද විභාග වූ පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරමින් විසිරී ගිය මහින්දවාදී බලකදවුරු නැවත එක් පක්ෂයක් මත ගොනු කිරීමට මුල්විය.

ලාංකීය දේශපාලනයේ නාඩි වැටෙන අයුරු හොදාකාරවම දන්​නා පුද්ගලයින් අතර ප්‍රමුඛ ස්ථානය​ක් හිමි අයෙකු ලෙස සැළකෙන බැසිල් පක්ෂයක දිශානතිය තීරණය කරන්නෙකු ලෙසද හැදින්වේ.

දේශපාලන ආරංචිමාර්ග වලට අනූව වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නුදුරේදීම විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනූව හිස්වන අග්‍රාමාත්‍ය ධුරයට ඇස ගසා සිටින බැසිල්ගේ මීලග සිහිනයෙ ශ්‍රී ලංකාවේ මීළග අග්‍රාමාත්‍ය පදවිය බවද තතු දත් පුද්ගලයින් පවසන්නේය.