ගම්පහ කොරෝනා රෝගීන් දින ගණනක් නිවෙස්වල

346

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

කොරෝනා රෝගීන් නිවෙස්වල සිටිම නිසා පවුල් වැඩිහිටියන්, වෙනත් රොගවලින් පෙළෙන්නන්ට වෛරසය වැළඳීමේ අවධානමක් හට ගෙන තිබෙන බවද එම අංශ පෙන්වා දෙනවා.

කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මෙතෙක් ලැබී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලංකාදීප – රන්ජන් කස්තුරි සහ කීර්ති ප්‍රනාන්දු