අඛණ්ඩ පස්වන දිනටත් දෛනික සමස්ථ ආසාධිත සිමාව 1500 පනී – ඊයෙත් වැඩිම ආසාධිත කොළඹින්

34

අඛණ්ඩව 05 වන දිනයටත් ශ්‍රී ලංකාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් 1500 ඉක්මවා ඊයේ (03) දිනයේදීත් වාර්තා වුණා.

ඒ ආසාධිතයන් 1923 දෙනෙකු ලෙසයි.

මෙතෙක් එක් දිනයකදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව එය වන අතර අඛණ්ඩව 07 වන දිනයටත් ආසාධිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 113676 දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 14771 ක්.

සුවය ලැබූවන් ගණන 98209 ක්.

මේ අතර තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඊයේ (03) ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 709 ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ (03) වාර්තා වු කොරෝනා ආසාදිතයන් 1923 දෙනාගෙන් වැඩිම පිරිස වන 529 වාර්තා වි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විම පිළිබද ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ගම්පහ 232 ක්, කලුතර 264 ක්, කුරුණෑගල 122ක්, ගාල්ල 154 ක් හා නුවරඑළියේ 104 ක්ද ආසාදිතයන් අතර වනවා.

මහනුවර 58 ක්, යාපනයේ 16 ක්, කෑගල්ලේ 04 ක්, පුත්තලම 18 ක්, අනුරාධපුර 69 ක්, ත්‍රිකුණාමලයේ 10 ක් හා මොනරාගල 10 ක් වශයෙන්ද ආසාදිතයන් වාර්තා වි තිබෙනවා.

මාතර 81 ක්, පොළොන්නරුවේ 66 ක්, මාතලේ 56 ක්, අම්පාර 26 ක්, රත්නපුර 82 ක් ආසාදිතයන් අතරට අයත්.

මඩකලපුවේ 04 ක්, හම්බන්තොට, මුලතිව් හා වව්නියාවෙන් ආසාදිතයන් දෙදෙනා බැගින්ද තහවුරු වුනා.

කිලිනොච්චියේ 06 ක්, මන්නාරම 03 ක් හා විදෙස්ගතව සිට පැමිණි අය අතරින් 10 ක්ද ආසාදිතයන් වශයෙන් වාර්තා වුණා.