කොරෝනා අවධානම් සහිත රටක සිට ඕස්ට්‍රේලියාවට ආවොත් වසර 05ක සිරදඬුවම්

46

කොවිඩ් දැඩි අවධානම් රටක සිට දින 14 ක් තුළ ඕස්ට්‍රේලියාවට පැමිණේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත්කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම විදේශයන්හි සිට පැමිණෙන ඕස්ට්‍රේලියානු පුරවැසියන් නිරෝධායන සීමා නොතකා රටට පැමිණීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කිරීමටයි ඔස්ටේ‍රලියා රජය සූදානම් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් හට වෛරසය පාලනය සඳහා අමතර බලතල දීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

මෙම නියමයන් කඩ කරන්නන්ට වසර 05 ක සිර දඩුවමක් හෝ ඩොලර් 60 000 ක දඩයක් පැණවෙනු ඇති.

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගුවන් ගමන් තහණම් කර ඇතත් විවිධ වෙනත් මාර්ග යොදාගනිමින් ඕස්ට්‍රේලියා ජාතිකයන් රටට පැමිණීම වළක්වාලීමද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.