FEATURES : ගුවන් හමුදා ඉතිහාසය අලුතින් ලියන කිරිල්ලියන් දෙදෙනා…

47

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට කාන්තා නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම අද (16) සිදුවුණා.

ඒ චීන වරාය කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයේදියි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිළධාරියාට හිමි රන් අසිපත පළමුවරට කාන්තා කැඩෙට් නිලධාරිනියක විසින් හිමිකර ගැනීම මෙන්ම පළමුවරට ජනාධිපති වර්ණ ධජවලින් සමන්විත විසිරයාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිළධාරිනියක අණ දීම අද (16) දිනයේදී සිදුවීම විශේෂත්වයක්.