ආණ්ඩුවේ පක්ෂ 11ක් නිදහස් පක්ෂ මුලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වයි

43

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක නියෝජිතයන් ඊයේ (08) රාත්‍රීයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.

මෙම සාකච්ඡාව සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටිම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයන්මේ සදහා සහභාගි වුනා.

රටේ වර්තමාන දේශපාලන තත්වය ඇතුලු කරුණු කිහිපයක් පිළිබදව මෙහිදි අවධානය යොමුවු බව සදහන්.