පාස්කු කොමිෂන් වාර්තාව අද පාර්ලිමේන්තුවට

27

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය ඊයේ (22) රාත්‍රියේ තීරණය කර තිබෙනවා.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කාදිනල් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්ව බලපෑම් කළ අතර එම වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ (22) ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

මේ අතර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ඇමැති කමිටුවද ඊයේ (22) පස්වරුවේ රැස් වුණා.

එම අධ්‍යයන කමිටු වාර්තාව මාර්තු 15 වැනි දින ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මේ වන විට දැනුම් දී ඇත්තේ.