COVID 19 : LPL ක්‍රිකට් තරගාවලියට කොරෝනා අවධානම නැහැලු…වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී කියයි…

77

ශ්‍රී ලංකාවේ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමෙන් මෙරටට කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ෙමම තරග වලට සහභාගී ක්‍රීඩකයන් නිරන්තරයෙන් කොරෝනා පරීක්ෂණවලට ලක්කරක බවත්, ඔවුන් අන් අය සමඟ මිශ්‍ර නොවන බවත්, සීමිත කාලයක් නිරෝධායනයට ලක් කරන බවත් ඔහු පැවසීය.

සහභාගී වන කිසිදු ක්‍රීඩකයකු ජනතාව සමග ගැටෙන ආකාරයට ඇති නොවන බවද ඔහු සදහන් කලේය.

එමගින් නැවතත් රටට කොරෝනා වෛරසය පැමිණීම වළක්වන ආකාරය ගැන නිරන්තර සාකච්ඡා පවත්වන බවද ඒ මහතා කීය.

මෙම ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා පිටියට ගොස් නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව නොලැබෙන බවත් ඔවුනට නිවසේ සිට රූපවාහිනිය මගින් තරගාවලිය නැරඹිය හැකි බවත් ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

මෙම තරගාවලිය මෙම මාස අවසානයේදී සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.